Monday, October 21, 2024
Follow Us
රාජිත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලයි

තම කීර්ති නාමයට සිදු වූ හානියට වන්දි වශයෙන් රුපියල් බිලියනයක මුදලක් සති තුනක් ඇතුළත ගෙවන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශ හේතුවෙන් සමාජයට වැරදි මතයක් ඉදිරිපත් වීම හේතුවෙන් තම කීර්ති නාමයට සිදු වූ හානිය හේතුවෙන් එම මුදල ගෙවන ලෙසයි එන්තරවාසිය හරහා දැනුම් දී ඇත්තේ. 2019 ජුනි 17 වන දින හෝ ඊට ආසන්න දිනයකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් සිදු කළ ඇතැම් ප්‍රකාශ හේතුවෙන් තම කීර්තිනාමයට හානි සිදු වී ඇති බවයි අමාත්‍යවරයා එන්තරවාසියෙන් පෙන්වා දී ඇත්තේ.

1994 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරන අමාත්‍ය රාජිත සේනාරත්න, පේරාදෙණිය විශ්විද්‍යාලයේ දන්ත පීඨයේ උපාධිදාරියකු ද වනවා. වසර 25ක කීර්තිමත් දේශපාලන ඉතිහාසයට හානි කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රචාරක වැඩපිළිවෙලක් දියත් කර ඇති බවද එන්තරවාසියේ සදහන් වනවා. සති තුනක් තුළ රුපියල් බිලියනයක වන්දි මුදල මෙන්ම තවදුරටත් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙසත් එම එන්තරවාසිය මඟින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දැනුම් දී තිබෙනවා.

(Neth)