Thursday, October 24, 2024
Follow Us
මඟ ඇණ හිටි කටාර් ගුවන් සේවා යළි ක්‍රියාත්මකයි

කටාර් ගුවන් සේවය තම ඉරාන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබිණි.

ඒ යුක්රේන මගී ගුවන් යානය ඉරානයේ ටෙහ්රාන් අගනුවරදී අනතුරට පත්වීමේ පුවතත් සමඟ ය.

කටාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී අක්බාර් අල්-බේකර් පවසා සිටියේ ඉරාන ගුවන් ගමන් දිගටම ක්‍රියාත්මක වනු ඇති බවයි.

ඒ අනුව, වෙන්කර ගත් ගුවන් ගමන් වල අඩුවක් නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

මැද පෙරදිග කලාපයේ හටගත් නොසන්සුන්කාරී වාතාවරණය සමඟ බොහෝ ඉරාන ගුවන් ගමන් අත්හිටුවීමට විවිධ සමාගම් කටයුතු කොට තිබිණි.

තත්වය තීව්‍ර වූයේ යුක්රේන ගුවන් යානය අනතුරට පත්වීමත් සමඟය.

එමඟින් ගල්ෆ් කලාපයේ ගුවන් ගමන් වල සැලකිය යුතු පහත වැටීමක් දක්නට ලැබී තිබිණි.

කෙසේවෙතත්, කටාර් ගුවන් සේවය මේ වන විට සිය ගුවන් ගමන් යළි ක්‍රියාත්මක කොට තිබේ.

(LNW)