Thursday, October 24, 2024
Follow Us
ජනපති ලබන මාසයේ චීනයට

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන මාසයේ චීනයේ නිළ සංචාරයක නිරතවීමට නියමිතව ඇත.

එරට විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජනාධිපතිවරයාට චීනයේ සංචාරයක නිරතවන ලෙසට ආරධනා කර ඇත.

තාක්‍ෂණය,සංචාරක කර්මාන්තය, යටිතල පහසුකම් හා අනෙකුත් ක්‍ෂේත‍්‍රයන්ට නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා ඇතුළු එරට රජයේ උසස් නිළධාරීන් සහ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමඟ ද එහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

(Lanka Leads)