Thursday, October 24, 2024
Follow Us
ඇමෙරිකාව ශ්‍රී ලංකාවට පනවා ඇති සම්බාධක ගැන කතා කරන්න පුටින්ගේ විශේෂ නියෝජිතයෙක්‌ ජනපති ගෝඨාභය හමුවෙන්න එයි

රුසියානු ජනපති වැලඩිමීර් පුටින්ගේ විශේෂ නියෝජිතයකු ලෙස විදේශ ඇමැති සර්ජි ලැව්රොව් ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා පැවැත්වීම සඳහා මෙම 14 දා මෙරටට පැමිණෙයි.

මෙහිදී රුසියානු – ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගිතාව ද ඇමෙරිකාව විසින් රුසියානු ආයුධ මිලයට ගැනීම ගැන පනවා ඇති සම්බාධක ගැන ද සාකච්ඡාවකට යොමුවන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම්. අයි. 17 වර්ගයේ රුසියානු ප්‍රවාහන හෙලිකොප්ටර් භාවිත කරන අතර එම සම්බාධක යටතේ අමතර කොටස්‌ ලබාගැනීමට ද තහනම් වේ.

එහෙත් රුසියාව විසින් ශ්‍රී ලංකාවට සෘජුව අමතර කොටස්‌ සැපයීමට එකඟ වී ඇත.

ලැව්රොව් මහතා මෙරටදී අගමැති මහින්ද රාජපක්‍ෂ සහ ආරක්‍ෂක බලධාරීන් ද හමුවීමට නියමිතය.

(Lanka Leads)