Thursday, October 24, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ ඉරාන තනාපති හිටපු ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉරාන තනාපති මොහොමඩ් සයරි අමීරානි මහතා අද(10) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

මේම හමුවේදි ඉරාන තනාපති මොහොමඩ් සයරි අමීරානි මහතා සිය ධුර කාලය අවසන් කර නැවතත් සිය රට බලා පිටත්විමට ප්‍රථම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සිය ධුර කාලය තුළදි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තනාපතිතුමන් හට දැක්වූ සහයෝගය පිළිබඳව සිය ස්තුතිය පල කර සිටියේය.

මේහිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉරාන තනාපතිවරයා ලෙස මේරටට සිදු කල සේවය සහ සමාජ මෙහෙවර වෙනුවෙන් සිය ස්තුතිය පලකරන ලදී.

(Lanka Leads)