Thursday, October 24, 2024
Follow Us
මැදපෙරදිග රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ට ඇති විය හැකි අවධානම කල්තියා පෙන්වයි

අමෙරිකාව සහ ඉරානය අතර ගල්ෆ් කලාපයේ උත්සන්න වෙමින් ඇති අර්බුද හේතුවෙන් ශී‍්‍ර ලංකාවට ද ඉදිරියේදි බලපෑම් ඇතිවිය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

ඛණිජ තෙල් මිල ඉහළ යාමටද මෙය හේතුවක් විය හැකි බවයි පැවසුවේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සුරංග සිල්වා පෙන්වා දෙන්නේ මැදපෙරදිග රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ට ඇතැම්විට යළි ලංකාවට පැමිණීමට සිදුවිය හැකි බවත් මැදපෙරදිගට යොමුවී ඇති මෙරට අපනයන කෙරෙහිද බලපෑම් එල්ල විය හැකි බවයි.

ඇමෙරිකානු සහ ඉරාන අර්බුධය දිගු කලක් පැවතියහොත් ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මානතයට ද බලපෑම් ඇතිවිය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඇතිවිය හැකි මෙම අවදානම් තත්ත්වයන් කල් ඇතිව හඳුනාගෙන ඊට මුහුණදීමට ශ‍්‍රී ලංකාව සූදානම් විය යුතු බව ද ආර්ථික විශ්ලේෂකයින් කියා සිටියා.

(Neth)