Thursday, October 24, 2024
Follow Us
සිංගප්පුරු නීති ඇමති දිවයිනට

සිංගප්පූරු රජයේ අභ්‍යන්තර කටයුතු සහ නීතිය පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (06) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. එම අමාත්‍යවරයා සමග එරට අමාත්‍යාංශවල උසස් නිලධාරීන් පස් දෙනෙකු ගෙන් යුත් දූත පිරිසක් පැමිණි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කලේ.

මෙම පිරිස අද (06) දින සවස 4.30 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 303 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මහ බැංකු බැදුම්කර වංචාව පිළිබඳව චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපතිවරයා මේ වනවිට සිංගප්පූරුව වෙත පලා ගොස් සිටියි.

(Neth)