Thursday, October 24, 2024
Follow Us
ගෝඨාභයගේ ‌දෙවැනි ගමන චීනෙට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනවාරි මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට සූදානම් වෙයි. චීන ජනාධිපති ෂි ජින් පින්ගේ ආරාධනාවක් මත මෙම සංචාරය සිදුවෙයි.

චීන ණය සහ ආධාර මත මෙරට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙයි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා සිය පළමු සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගෙන තිබිණි.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම මත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ජනවාරි හෝ පෙබරවාරි මාසවලදී මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම රාජ්‍ය නායකයා වන්නේද ඉන්දීය අගමැති වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 වැනිදා ඉන්දීය අගමැති මෙරට ගෙන්වා ගැනීමට ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.

(Lanka Leads)