Thursday, October 24, 2024
Follow Us
වාර්තාවක් තියමින් ‌මෝඩි ලංකාවට එයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ‌ලෙස පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදෙස් රාජ්‍ය නායකයා ‌ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ‌මෝඩි මහතා පත්වීමට නියමිත බව වාර්තාවේ.

රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් නිල සංචාරය වශයෙන් ඉන්දියාව ‌තෝරා ගනු ලැබූ අතර එම සංචාරයේදී කළ ආරාධනාවකට අනුව ‌මෝඩි මහතා ‌මෙසේ එළඹෙන ජනවාරියේදී ලංකාවට පැමිණීමට නියමිතය.

දැනටමත් ඉන්දීය රජයෙන් ‌මෙම දැනුම්දීම නිල වශයෙන් රජයට දැනුම් දී ඇති අතර රජය පාර්ශ්වයෙන් අදාළ දින වකවානු ලබා දීමෙන් පසු ‌මෙම සංචාරය ස්ථිර කිරීමට කටයුතු ‌කෙරෙනු ඇති බව පැවසේ.

කෙසේවෙතත් පුරවැසි පනත මුල්කරගෙන මේ දිනවල ඉන්දියාවේ පවතින ‌දේශපාලන අර්බුද ‌හේතුවෙන් ජනවාරි අවසානය දක්වා ‌මෙම ගමන පමාවීමට ඉඩ ඇති බව වාර්ත‌ා ‌වේ.

Maw rata