Thursday, October 24, 2024
Follow Us
ගානියාගේ අර්බුදය ගැන ස්විස් රජයේ ඉල්ලීම රජය ඉවත දමයි

පැහැර ගැනීමට ලක්වූ බව කියන ගානියා ප‍්‍රැන්සිස් සම්බන්ධ අර්බුදය දෙසැම්බර් 16 වනවිට විසඳිය යුතු බව ස්විස් රජය කළ ප‍්‍රකාශය මුළුමනින්ම ප‍්‍රතික්‍ෂෙප කළ රජය එම විමර්ශන කටයුතු දිගටම පවත්වාගෙන යන බව සඳහන් කර ඇත.

රජය ගත් මෙම දැඩි තීරණයත් සමගම ස්විස් තානාපති හාන්ස් පීටර් මොක් බර්න් නුවර බලා ගොස් දැනට මතුවී ඇති තත්ත්වය ගැන ස්විස් විදේශ කටයුතු බලධාරීන්ට කරුණු දක්වා තිබේ.

අර්බුදය දෙසැම්බර් 16 ට පෙර විසඳිය යුතු බව ස්විස් රජය කළ ඉල්ලීමට මෙරට යුරෝපා තානාපතිවරුද සහාය දක්වා ඇත.

මේ අතර ගානියා ප‍්‍රැන්සිස් සම්බන්ධ කි‍්‍රයාමාර්ග වලින් ශ‍්‍රී ලංකා රජය ඉවත් නොවන බවද බලධාරීන් ස්විස් රජයට දැනුම් දී තිබේ.

(Lanka Leads)