Thursday, October 24, 2024
Follow Us
IS යළිත් හිස ඔසවමින් ඇතැයි වාර්තා

IS සටන්කාමීන් යළිත් වරක් ඉරාකය තුළ හිස ඔසවමින් ඇතැයි එරට බුද්ධි අංශ පවසනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ ඉරාකය තුළ එම සංවිධානය යළි ශක්තිමත්ව ගොඩනැගෙමින් ඇති බවය.

මීට වසර 02 කට පෙර ඉරාකයේ පැවැති අවසන් බලකොටුවත් IS සටන්කාමීන් වෙත අහිමිවුණා. ඒ, අමෙරිකාව ප‍්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් එල්ල කළ සන්නද්ධ ප‍්‍රහාර හමුවේයි. එම ප‍්‍රහාර හේතුවෙන් IS සංවිධානය යම් පසුබෑමකට ලක්වුවත්, ඔවුන් සම්පූර්ණයෙන් පරාජය කිරීමට හැකිවූයේ නැත.

ඒ අනුව යම් නිහඬතාවක පසුවූ IS සංවිධානය යළිත් ඉරාකය තුළ ප‍්‍රහාර දියත් කරමින් සිටින බවයි බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ. එසේම මේ වනවිට IS සටන්කරුවන් බොහෝසෙයින් ශක්තිමත් වී ඇති බවත්, ඔවුන් අල්කයිඩා සංවිධානයට වඩා අතිශය භයානය බවත්, ඉරාක බුද්ධි අංශ අනාවරණ කරගෙන ඇත.

IS සංවිධානය මේ වනවිට ආයුධ, තාක්ෂණය, උපාය මාර්ග, රථවාහන හා මූල්‍යමය අතින් ශක්තිමත් වී සිටින බවයි බුද්ධි අංශ වාර්තා වැඩිදුරටත් අනාවරණ කර ඇත.

(Lanka Leads)