Wednesday, October 23, 2024
Follow Us
බ්‍රෙක්සිට් උඩින් දිනයි! - ජනවාරියේ අග වෙන් වීම සහතිකයි !

බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 124 කින් ජයගත්තේය.

පසුගියදා පැවති බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී අගමැති බොරිස් ජොන්සන්ගේ නායකත්වය යටතේ කොන්සවේටිව් පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබාගැනීමෙන් පසුව මෙම ඡන්ද විමසීම පැවැත්විණි.

මෙසේ withdrawal agreement bill හෙවත් ඉවත්වීමට එකඟවීමේ පනත් කෙටුම්පත සම්මත වීම පිළිබඳ යුරෝපා සංගමයේ සභාපති චාස්ල් මයිකල් පවසා තිබෙන්නේ එය, 50 වැනි වගන්තිය අපරානුමිත කිරීමේ වැදගත් පියවරක් බවයි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමෙයන් ඉවත් වීමේදී 50 වැනි වගන්තියට අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ.

මේ අනුව ජනවාරි 29 වැනිදා යුරෝපා පාර්ලිමේන්තුව විසින් මෙම එකඟතාවය අපරානුමිත කිරීමට නියමිත අතර, එ් අනුව එයට දින 2කට පසුව, එනම් ජනවාරි 31 වන විට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වනු ඇත.

ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් පවසන්නේ බ්‍රෙක්සිට් වලට එරෙහිව දිගින් දිගටම පෙනී සිටින බවයි. නමුත් ලේබර් මන්ත්‍රීවරුන් 6 දෙනෙකු ද බ්‍රෙක්සිට් සඳහා අද දින ඡන්දය ප්‍රකාශ කර ඇති බව හෙළි වේ. ලේබර් ප්‍රබලයෙකු වන ජෝන් හීලි ද මේ අතර වේ.

පහත ගැලීම් සටහන මගින් දක්වන්නේ බ්‍රෙක්සිට් හි ඉදිරි ගමන් මගයි.

- අවුට්බවුන්ඩ් ටුඩේ | www.outboundtoday.com/