Wednesday, October 23, 2024
Follow Us
මුස්ලිම් විරෝධී පුරවැසි පනත ඉන්දියාව අවුලවයි

බංගලිදේශය, පාකිස්ථානය, ඇඵ්ගනිස්ථානය ආදී ඉස්ලාමීය රටවලින් සංක්‍රමණය වූ මුස්ලිම් ජාතික සරණාගතයින් හැරෙන්නට අනෙකුත් සරණාගතයින් හට ඉන්දියාව තුළ පුරවැසිභාවය ලබා දීමට පසුගියදා හදුන්වා දුන් පුරවැසිපනත හේතුවෙන් ඉන්දියාව තුළ විරෝධතා උත්සන්න වෙමින් පවතී.

මෙම විරෝධතා හෙතුවෙන් ඇති වූ ගැටුම් වලදී මිය ගිය පිරිස ඊයේ වන විට 6 දක්වා වැඩි වී ඇති අතර ඉන් සිවු දෙනෙකු ඉන්දීය පොලිස් වෙඩි පහරින් මිය ගියහ. මුස්ලිම් ජාතික විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මේ වන විට මෙම විරෝධතාවයේ ඉදිරියෙන්ම සිටින අතර ඔවුන් පවසන්නේ ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම් ජාතිකයින් අත්හැර මෙම පනත හදුන්වා දීම තුළ ඉන්දීය රජය මුස්ල්මි විරෝධී පාලනයක නිරත වෙමින් සිටින බවයි.

බටහිර බෙංගාලය සහ ඇසෑම් ප‍්‍රාන්තයේ විරෝධතාකරුවන් ප‍්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන බව ඉන්දිය මාධ්‍ය සඳහන් කරයි. කොල්කටා නුවරට රැස්වූ විරෝධතාකරුවන් මහ මාර්ග අවහිර කර දුම්රිය පහක් ගිනිබත් කර ඇති බවද වාර්ථා වේ. මෙම තත්ත්වය මත පාන්ත කියහිපයකම ඇඳිරිනීතිය පැනවීම සහ අන්තර්ජාල තහනම මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. එක්සත් රාජධානිය , ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව ඉන්දිය සංචාරයන් සඳහා සිය පුරවැසියන්ට අවදානම් නියෝග ද නිකුත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්ථා කරයි.

 

හින්දු රාජ්‍යයේ මුස්ලිම් විරෝධය

ජනපති මෝදි නියෝජනය කරන හින්දු ජාතිකත්ව භාරතය ජනතා පක්ෂය කාලයක් තිස්සේ මුස්ලිම් විරෝධී සංක්‍රමණිකයන් ඉන්දියාවෙන් පිටමං කළ යුතුය යන ප්‍රතිපත්තියේ සිටිමින් කටයුතු කළ බව නොරහසකි.

පසුගිය අගෝස්තුවේ ඉන්දියානු පුරවැසි ලියාපදිංචි නාම ලේඛනය නිකුත් කරමින් ඉන්දීය රජය ප්‍රකාශ කලේ පුද්ගලයින් මිලියන 1.9ක් පුරවැසි භාවය තහවුරු කළ නොහැකි පුද්ගලයින් සිටින බවයි.

විශේෂයෙන්ම මින් වැඩි පිරිසක් ඇසෑම් ප්‍රාන්තයේ ජීවත් වූ බංගලිදේශය , පාකිස්ථානය , ඇෆ්ගනිස්ථානය, මියන්මාරය යන රටවලින් ඉන්දියාවට සංක්‍රමණය වූ පිරිසගෙන් පැවත එන්නන්ය.

ඉන් නොනැවතී බහුතරයක් මුස්ලිම් ජාතිකයින් වෙසෙන කාශ්මීරයේ ස්වයංපාලන බලතල අහිමි කිරීමටද ඉන්දීය රජය කටයුතු කළ අතර ඉන් අනතුරුව දිගින් දිගටම කාශ්මීර වැසියන්ගේ ජවන ජීවිත පීඩනයට ලක් කරමින් සිටියි.

හින්දු ජාතිකත්ව භාරතීය ජනතා පක්ෂය විසින් මෙවර සම්මත කළ පුරවැසි පනත විසින් සෘජුවම මෙසේ මුස්ලිම් ජාතිකයින් ප්‍රතික්ෂේප කිරීම ඉන්දීය රජයේ මුස්ලිම් විරෝධී ක්‍රියා දාමයේ තවත් සන්ධිස්ථානයක් ලෙස හැදිනිවිය හැකිය.

ලොව වැඩිම මුස්ලිම් ජනතාවක් සිටින රාජ්‍ය තමන් වන පසු බිමක ඉන්දීය රජය විසින් මෙවැනි තීරණයක් ගෙන ඇත.

(LNW)