Saturday, October 19, 2024
Follow Us
රුසියන් යුක්රේන සාම සමුළුව ඇරඹේ

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ජාත්‍යන්තර සාම සමුළුවක් ස්විට්සර්ලන්තයේ පැවැත්වෙයි.

 රටවල් 90 ක රාජ්‍ය නායකයන්, නියෝජිතයන් පමණක් නොව ජගත් සංවිධාන රැසක ප්‍රධානීහු ද ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වෙති.

සාම සමුළුවට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහභාගී වන නමුත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහභාගී නොවෙයි. රුසියාවෙන් පමණක් නොව චීනයෙන් ද කිසිදු නියෝජිනයක් සිදු නොවෙයි.

බීබීසී පුවත් මේවට වාර්තා කර ඇත්තේ රුසියන් ජනාධිපති පුටින්ට හෝ චීන ජනාධිපති ෂී ජින්පින්ට හෝ සාම සමුළුවට ඇරැයුම් කර නොමැති බවය.

එසේ වුවත්, රුසියන් ජනාධිපති පුටින් ද සාම සැලැස්මක් සමුළුවට ඉදිරිපත් කර ඇත. එම සාම සැලැස්මට ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් රැසක් ඔවුන්ගේ දැඩි විරෝධය පළ කළ බව ද පැවැසෙයි.

Aruna