Saturday, October 19, 2024
Follow Us
සාමය සඳහා වන අන්තර් ආගමික ශ්‍රී ලංකා කවුන්සියේ විධායක කමිටු සැසිය පැවැත්වෙයි
ලෝකයේ රටවල් 140ක පමණ ව්යාප්ත වූ ජාත්යන්තර සංවිධානයක් වන සාමය සඳහා වන අන්තර් ආගමික කවුන්සිලයේ ආසියාතික සංවිධානය හා එක්ව සාමය සඳහා වන අන්තර් ආගමික ශ්රී ලංකා කවුන්සිලය මඟින් සංවිධානය කරන ලද දෙදින විධායක කමිටු සැසියේ අවසන් සමුළුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
රටවල් හතළිහක පමණ විවිධ ආගම් නියෝජනය කරන නායකයින්ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සමුළුවේ අවසන් සමුළුවේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක්වූ අතර, සංවිධානයේ වත්මන් සභාපති ජ්යෙෂ්ඨ කථිකාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ, මහලේකම් ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වඩිනාගල පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ, ආචාර්ය බෙල්ලන්විල ප්රේමරතන නායක ස්වාමීන් වහන්සේ, රදගුරු ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන්, ස්වාමි ගුණාතනන්ද, මවුලවි එස්.එච් ආදම්බාවා ඇතුළු සර්ව ආගමික නායකයින්, සාමය සඳහෝ ආසියානු සමුළුවේ මහලේකම් යොෂිනෝරි සිනෝහාරා මහතා, මහාචාර්ය ඩෙස්මන්ඩ් කැහිල් ඇතුළු නිලධාරීන් සමුළුවට එක්ව සිටියහ.