Wednesday, October 23, 2024
Follow Us
හමුදාමය සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ඊජිප්තු තානාපතිගේ අවධානය

ඊජිප්තුවේ තානාපති, මජෙඩ් මුස්ලෙහ් (Maged Mosleh) මහතා ඊයේ (මැයි 12) කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න ඊජිප්තු තානාපතිවරයා වෙත උණුසුම් පිළිගැනීමක් පිරිනැමූ අතර ද්විපාර්ශ්වික වැදගත් සහ අන්‍යෝන්‍ය වශයෙන් අදාළ කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය.
ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දැක්වූ ඊජිප්තු තානාපතිවරයා දෙරට අතර හමුදා සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ මාර්ග පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළේය.