Wednesday, October 23, 2024
Follow Us
ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට තාක්ෂණික සහයත් ලැබෙයි

එක්සත් ජනපද, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් මෙරට විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව, නව පනත සම්මත කිරීමෙන් පසු එහි ඉදිරි වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය මාර්ග සැලසුම සකස් කිරීමට සහ අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ඉදිරි සති 8 තුළ කටයුතු කිරීමට නියමිතය.

ඒ වෙනුවෙන් මෙරටට පැමිණ සිටින බලශක්ති උපදේශක අරින්දම් ගෝෂ් මහතා ඇතුළු එම ආයතනයේ කණ්ඩායම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් අද (08) පවත්වනු ලැබුණි.