Wednesday, October 23, 2024
Follow Us
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වූ ශ්‍රී ලංකා බාලදක්ෂයින් ජනපති හමු වෙයි

එක්සත් රාජධානියේ බාලදක්ෂ සංගමය විසින් සංවිධාන කරන ලද රාජාභිෂේක කඳවුරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වු ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ බාලදක්ෂ, බාලදක්ෂිකාවන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ඊයේ (07) ලන්ඩන් නුවර දී සිදු විය.


ශලිනි පෙරේරා, අරිතා බණ්ඩාර, අසේල් බණ්ඩාර සහ සරිත් ප්‍රනාන්දු යන බාලදක්ෂ, බාල දක්ෂිකාවන් සිව්දෙනා රාජාභිෂේකය සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම නියෝජනය කළහ.
ඔවුන් සමඟ සුහඳ කථා බහක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය දේශගුණික අර්බුදය ඇතුළු ජාතික හා ගෝලීය අවශ්‍යතා සඳහා ක්‍රියාකාරීව නිරත වීමට බාලදක්ෂ, බාලදක්ෂිකාවන් දිරිමත් කළේය.
රටේ අනාගත නායකත්වය භාර ගැනීමට තරුණ පරපූර සූදානම් විය යුතු ආකාරය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් කරුණු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව මෙම හමුව සංවිධානය කෙරිණි.