Wednesday, October 23, 2024
Follow Us
තුන්වන චාල්ස් රජු ඔටුනු පළඳී

III චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථනයේ දී කිරුළ පළඳිනු ලැබීය.

දහස් සංඛ්‍යාත ජන හරසර මැද ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ දී රාජභිෂේක මංගල්‍ය උත්සවය පැවැත්වෙන්නේ ලෝක නායකයන් ඇතුලු ආරාධිත අමුත්තන් 2000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙනි.

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සමග රජ මෙහෙසිය කැමිලා ද මෙහි දී ඔටුනු පළඳිනු ලබයි.

රාජාභිෂේක උත්සවය පැවති වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත චාල්ස් රජු සහ කැමිලා බිසව බකිංහැම් මාලිගයේ සිට පැමිණියේ විශේෂ රාජකීය පෙරහරකිනි.
රජු සහ රැජින එම රාජකීය පෙරහරේ පැමිණීමට යොදා ගෙන තිබුණේ දෙවන එලිසබෙත් රැජින විසින් භාවිත කළ රැජිනගේ දියමන්ති ජුබිලි අශ්ව කරත්තයයි.

රාජාභිෂේකය පැවැත්වෙන දේවස්ථානයට පැමිණි පසු චාල්ස් රජු එඩ්වඩ් රජුගේ අසුන යනුවෙන් හදුන්වා ඇති විශේෂ රාජාභිෂේක පුටුවෙහි අසුන් ගත් අතර එය සියවස් ගණනාවක් ඉපැරණි කැටයම් සහිත ලී පුටුවක් වීම විශේෂත්වයක්.

අන්තර්ජාලයෙන්