Wednesday, October 23, 2024
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදියෙක් මරුට
2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝ හිදී එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ ඉක්බාල් හෙවත් බාලි නැමැති ත්‍රස්තවාදියා ඝාතනය කර තිබේ.
 
ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සැලසුම් කිරීමේ සිට බාලි සම්බන්ධ වී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙන බවයි වාර්තා වුණේ.
 
Khyber-Pakhtunkhwa පොලිසියේ ප්‍රධානියා පසුගිය බ්‍රහස්පතින්දා පුද්ගලික රූපවාහිනී නාලිකාවකට කතා කරමින් කියා සිටියේ, ඉක්බාල් විසින් ඔවුන්ට එල්ල කරන ලද ප්‍රහාරයකින් පසු පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කර ඔහුගේ සහකරුවෙකු සමඟ ඔහු මරා දැමූ බවයි.
 
ඔහු ත්‍රස්ත ක්‍රියා 26 කට සම්බන්ධ බව පාකිස්තාන පොලීසිය සඳහන් කරයි. ඔහු ටෙහ්රීක්-ඊ-තලෙයිබාන් පකිස්තාන්  (TTP) කණ්ඩායමේ සාමාජිකයෙක් බවටද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 
 
බාලිගේ හිස රැගෙන එන අයෙකුට පාකිස්තාන රුපියල් මිලියන 10.5 ක  මුදලක් ලබාදෙන බව පන්ජාබ් ප්‍රාන්ත රජය නිවේදනය කර තිබුණි.
 
පාකිස්තාන පොලීසිය එල්ල කළ ප්‍රහාරයකින් මොහු මියගිය බව වැඩිදුරටත් වාර්තා වෙයි.