Wednesday, October 23, 2024
Follow Us
මහා බොදු සමුළුවක් වියානාවේදී

යුරෝපයේ රටවල් රැසක ජීවත්වන ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාගේ හා විදේශීය භික්ෂුන් වහන්සේලාගෙන් මෙන්ම එම රටවල ජීවත්වන බෞද්ධ හා වෙනත් ආගමිකයන්ගේ සහභාගිත්වයෙන් බොදු මහා සඟ සමුළුවක් මැයි 12 සිට 14 දක්වා ඔස්ට්‍රියාවේ වියානාහි ඥානපූරක විහාරයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි එම සමුළුවේ සංවිධායක මහාචාර්ය විජයරාජපුර ශීලවංශ නාහිමියෝ පැවසූහ.


මෙම සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අවස්ථාවට උන්වහන්සේ Zoom ඔස්සේ සම්බන්ධ වෙමින් මේ බව සඳහන් කළහ.

මෙම සමුළුව වියානාවට අලුත් අත්දැකීමක් වනු ඇති බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.