Wednesday, October 23, 2024
Follow Us
ඉරානයෙන් ශ්‍රී ලංකාවට පිළිකා ඖෂධ ඇතුඵ අත්‍යවශ්‍ය බෙහෙත් රැසක්

ඉරාන ජනරජය විසින් ඇමරිකන් ඩොලර් මිලියන 1.8 ක ට අධික පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රදානය කෙරිණි.ඉරාන තානාපති හෂීම් අෂීද් (Hashem Ashjazadeh) මහතා විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම අමාත්‍යාංශයේ දී භාර දීම සිදු විය.

මෙම පරිත්‍යාගය යටතේ මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ රැසක් අඩංගු වේ. ඒ අතර පිළිකා, හෘද රෝග ,සමේ රෝග, වෛරස් ආසාදන, අධි රුධිර පීඩනය, පාකින්සන්ස් ආදී බොහොමයක් රෝග සඳහා වන ඖෂධ ඇතුළත් වේ.

වත්මන් ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් පවතින අවස්ථාවක මෙවැනි අත්‍යවශ්‍ය ඖෂධ රැසක් එකවර ලැබීම විශාල සහනයක් බවත් ඒ වෙනුවෙන් ඉරාන් ජනතාව ඇතුළු ඉරාන ජනරජයට ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් මහත් සේ ස්තුතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.