Thursday, October 24, 2024
Follow Us
අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

අරාබි සංචාරක සමුළුව (ATM) අද (03) ආරම්භ විය.

ලොව පවතින සංචාරක සමුළු අතරේ ප්‍රධාන තැනක් හිමි අරාබි සංචාරක සමුළුවට අරාබිකරයේ සිටින සංචාරක ක්ෂෙත්‍රයට සම්බන්ධ ප්‍රධාන පෙලේ සියලූම ආයතන එක්ව සිටී.

ඊට සමගාමීව විශේෂ මාධ්‍ය හමුවක් විදේශීය මාධ්‍ය වේදීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.


මේ සදහා සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රි ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න, ශ්‍රී ලංකා සංචාරක උපදේශන කමිටුවේ සභාපති පණ්ඩුක කීර්තිනන්ද, ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් හෙට්ටිගොඩ, දිමුතු යන මහත්වරු මෙන්ම ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් පද්මා සිරිවර්ධන, අධ්‍යක්ෂ දුශාන් වික්‍රමසිංහ හා නලින් ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.