Thursday, October 24, 2024
Follow Us
සම්මාන ලාභී සූපවේදියෙකු සහ අතිශය ජනප්‍රිය ඕස්ට්‍රේලියාවේ MasterChef Australia වැඩසටහනේ ප්‍රධාන විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙකු වන ජොක් සොන්ෆ්රිලෝ (Jock Zonfrillo) මියගොස් තිබේ.
 
සිව් දරු පියෙක් වූ ජොක් මිය යන විට 46 වන වූ බව විදෙස් මාධයා වාර්තා කරයි.
 
ඊයේ (01) අළුයම් කාලයේ දී මෙල්බර්න් හි නිවසක සිදුකළ සෝදිසි කිරීමකදී මියගොස් සිටි ජොක් හමුව ඇත.
 
වික්ටෝරියා ප්‍රාන්ත පොලීසිය පවසන්නේ මරණය සැක සහිත එකක් නොවන බවය.
 
ඔහුගේ මෙම මරණයත් සමඟ සඳුදා (01) දිනයේ ආරම්භ වීමට නියමිත වූ MasterChef Australia Season මේ වසරේ වැඩසටහන් මාලාවද විකාශය නොවන බව Network 10 නාලිකාව නිවේදනය කර තිබේ. Network 10 ආයතනය සදහන් කරනුයේ ජොක් සොන්ෆ්රිලෝ, ඕස්ට්‍රේලියානු සූපවේදීන් හට ආදර්ශමත් අයෙක් වශයෙන් හැදින්විය හැකි බවය. 
 
ස්කොට්ලන්ත ජාතික ජොක් සුපවේදියෙක් ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණ වන විට වයස අවුරුදු 12ක කුඩා දරුවක් වෙන අතර ඔහු ලොව පුරා සුප්‍රසිද්ධ අවන්හල් කිහිපයකම සේවය කර ඇත.
 
කෙසේ වෙතත් ජොක් නව යොවුන් වියේදීම හෙරොයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇති අතර පසුව ඉන් මිදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබේ.
 
පසුව ඇඩිලේඩ් නුවර ඔරානෝ නමින් තමන්ගේම අවන්හලක් ද ඔහු ආරම්භ කර ඇති අතර මානසික සෞඛ්‍යයේ වැදගත්කම සම්බන්ධයෙන් නිතර අදහස් ප්‍රකාශ කළ අයෙක් ලෙසයි සැලකේ.

-Dinamina