Thursday, October 24, 2024
Follow Us
ඉන්දියාවේ ප්‍රධාන නගර ත්‍රිත්වයක සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක්

දින පහක් පුරා ඉන්දියාවේ ප්‍රධාන නගර ත්‍රිත්වයක (චෙන්නායි ,cochin හා බැංගලෝරයේදී )පැවැත්වෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැන්න අති සාර්ථක ලෙස cochin නගරයේ Le Meridian හෝටලයේදී පැවැත්විණි.

එහිදී සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් , හා ලංකාවේ ආයතන හතලිහකට ආසන්න ප්‍රමාණයක් සහභාගි වු අතර ඔවුන් එක්ව ආයතන ,ආයතන අතර ලංකාවේ සංචාරක කර්මාන්තය නගාසිටුවීම පිළිබඳව වු සාර්ථක සාකච්ඡා වාර ගනනාවක් සිදු කළ අතර එහිදි වසරේ ඉදිරි මාස අටක කාලය සඳහා ඉන්දියානු සංචාරකයන් වැඩි වශයෙන් රටට ගෙන්වා ගැනීම ,ඔවුනට පහසුකම් සැපයීම,ආරක්ෂක විදිව්ධාන හා ගමනාන්ත ආදිය පිළිබඳව පුළුල්ව අවධානය යොමු කර තිබේ.

මේ සදහා ඉන්දියානු රජය නියෝජනය කරමින් ඉහළ නිලධාරීන් සංචාරක ක්ෂෙත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් සහ දකුණු ආසියානු කලාපීය සංචාරක සන්නාම තානාපති සනත් ජයසූරිය,ශ්‍රි ලංකා සම්මුති කාර්යංශයේ සභාපති තිසුම් ජයසූරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චලක ගජබාහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.