Thursday, October 24, 2024
Follow Us
සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් ඉවත් කරගනී
සුඩානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 41 දෙනාගෙන් 13 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම සාර්ථකව ඉවත් කරගත් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි. 
 
සුඩානයේ හටගෙන ඇති ගැටුම් හේතුවෙන් සුඩානයේ වෙසෙන බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.
 
පවතින තත්ත්වය හමුවේ බොහෝ රටවල් තම පුරවැසියන් සුඩානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.
 
ඒ අනුව සුඩානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමේ කටයුතු ආරම්භ වී ඇත.
 
13 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම සෞදි අරාබියේ ජෙඩා වෙත රැගෙන ඒමට කටයුතු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 
 
ඊජිප්තුවේ, කයිරෝවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ සුඩානයේ, කාර්ටූම් හි ශ්‍රී ලංකා පිහිටි ගෞරවනීය කොන්සාල් නිලධාරීන් විසින් අඛණ්ඩව සුඩාන බලධාරීන් සහ කාර්ටූම් හි ඉන්දීය තානාපති කාර්යාලය ඇතුළු කාර්ටූම් හි සෙසු පාර්ශ්වයන් සමඟ සම්බන්ධ වෙමින් එරට සිටින ලාංකික පුරවැසියන් ආරක්ෂිතව ඉවත් කර ගැනීම සඳහා නිරන්තර සම්බන්ධකම් පවත්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
 
සුඩානයේ අස්ථාවර ආරක්ෂක තත්වයක් සැලකිල්ලට ගනිමින් කාර්ටූම් හි ඉතිරිව සිටින ලාංකිකයන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය සෑම උත්සාහයක්ම ගනිමින් සිටින බව අමාත්‍යාංශය 
පවසයි.
 
මේ අතර හදිසි අවස්ථාවන් හිදී තොරතුරැ ලබා ගැනීම සඳහා පහත දැක්වෙන අංක ඔස්සේ කාර්ටූම් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ ලේකම් සයීඩ් අබ්දෙල් දුරකථනය +249912394035 සම්බන්ධ කර ගත හැකි බවත්, කයිරෝවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විද්‍යුත් තැපෑලෙන් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. සහ දුරකථන +201272813000 ඔස්සේ සම්බන්ධ විය හැකි ය.