Thursday, October 24, 2024
Follow Us
සෙල්ෆි ඡායාරූප ලබාගැනීම තහනම් කිරීමට තීරණය කරයි

සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට එරෙහිව දඩ අයකිරීමට තීරණය කළ නගරයක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉතාලියේ සුප්‍රකට සංචාරක ගමනාන්තයක් වන පෝටෝෆිනෝ (Portofino) නගර බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව එම බලධාරීන් තීරණය කර ඇත්තේ සෙල්ෆි ඡායාරූප ලබාගන්නා සංචාරකයින්ට යුරෝ 275ක දඩයක් නියම කිරීමටය.

මෙම තීරණය පිළිබඳව මේ වනවිට ලෝකයේම දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

එමෙන්ම අදාළ බලධාරීන් විසින් මෙම තීරණය ගැනීමට හේතුව ලෙස පෙන්වා දෙන්නේ මාර්ග තබදයයි.

ඔවුන් පවසන්නේ සංචාරකයින් සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට ගන්නා උත්සාහය හේතුවෙන් දිවා කාලය තුළ නගරයේ අනවශ්‍ය තදබදයක් හටගන්නා බවය.

Aruna