Thursday, October 24, 2024
Follow Us
බ්‍රිතාන්‍යය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස් වෙයි

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ අධිකරණය ලේකම්වරයා ද වන ඩොමිනික් රාබ් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහු විසින් හිරිහැර පමුණුවන බවට කාර්යය මණ්ඩලයෙන් එල්ල වූ චෝදනා හමුවේයි.

සිවිල් සේවකයින් කිහිප දෙනෙකුගෙන් ඔහුගේ හැසිරීම පිළිබඳ විවිධ පැමිණිලි ඉදිරිපත් වූ අතර ඒ සම්බන්ධයෙන් මාස ගණනාවක් ස්වාධීන පරීක්ෂණයකින් සිදු කෙරුණා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එහි වාර්තාව බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය රිෂී සුනක් අතට පත්වීමෙන් අනතුරුව ඩොමිනික් රාබ් සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි.

අග්‍රාමාත්‍ය රිෂි සුනක් වෙත ලිපියක් යොමු කරමින් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩොමිනික් රාබ් කියා සිටියේ පරීක්ෂණය භයානක පූර්වාදර්ශයක් ලබා දී ඇති නමුත් ඔහු රජයට සහයෝගය දක්වන බවයි.

තමන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් තමන් විසින්ම පරීක්ෂණයක් ඉල්ලා සිටි අතර, යම්කිසි හිරිහැරයක් සිදුවී ඇති බවට අනාවරණය වුවහොත් ඉල්ලා අස්වන බවට තමන් පොරොන්දු වූ බව ද ඔහු එමගින් පවසා තිබෙනවා. ඒ අනුව ලබා දුන් වචනය එලෙසම ක්‍රියාවට නැංවීම වැදගත් බවයි ඩොමිනික් රාබ් පවසා ඇත්තේ.

Neth