Thursday, October 24, 2024
Follow Us
මුදල් රාජ්‍ය ඇමැති ECOSOC සැසිය අමතයි

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලය (ECOSOC) නිව්යෝර්ක් හි දී පවත්වන සංවර්ධන සඳහා මූල්‍යකරණය පිළිබඳ සැසිවාරය ඇමතීය .

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්විය;

“ශ්‍රී ලංකාව තුළ 2030 වනවිට ඉටු කර ගැනීමට අපේක්‍ෂිත තිරසාර සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමට නොහැකි වීමේ අවදානමකට ලක්ව ඇති මොහොතකයි අප හමුවන්නේ. කොවිඩ් වසංගතයට පෙර සිටම සංවර්ධනය කරුණු රාශියක් නිසා යම් තරමකට සීමා වී තිබු අතර කොවිඩ් වසංගතයේ සිට යුක්රේනයේ ගැටුම සහ දේශගුණික විපර්යාස දක්වා පැන නගින සිදුවීම්වල එකතුවක් හේතුවෙන් මෙම තත්වය උත්සන්න වී ඇති බවත් සංවර්ධන න්‍යාය පත්‍රය ලබා දීමට කැපවී සිටින ආයතන ඉලක්ක කරා ළඟා වී නොමැති බවට ඇති මතය හේතුවෙන් බහුපාර්ශ්වික සංවිධාන මෙන්ම ගෝලීයකරණ ක්‍රියාවලිය ද අද තර්ජනයට ලක්ව ඇති බවත් මුදල්. 2030 ඉලක්ක සපුරා ගැනීමේදී බොහෝ රාජ්‍යයන් මුහුණ දෙන මූලික සහ ප්‍රධාන අභියෝගය ප්‍රමාණවත් සහ තිරසාර මූල්‍යකරණයක් නොමැතිකමයි. “තිරසාර සංවර්ධනය සඳහා මූල්‍යකරණය” පිළිබඳ වාර්තාවේ දක්වා ඇති පරිදි අප සිටින අසීරුතාවය, ගත යුතු ක්‍රියාමාර්ගවල හදිසිතාව සහ කළ යුතු දේ පිළිබඳ පැහැදිලි නිර්දේශයන් සපයයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන්, නිල සංවර්ධන ආධාර පිළිබඳ දැනටමත් ප්‍රකාශ කර ඇති ප්‍රතිඥා සපුරාලීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ණය තිරසාරභාවය සඳහා රටවලට සහාය වීමට ගෝලීය මට්ටමින් දේශපාලන අධිෂ්ඨානයක් තිබේද යන්න සොයා බැලිය යුතුය.

මම නිව් යෝර්ක් වෙත පැමිණියේ ආර්ථික ප්‍යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ සහ පසුගිය මාසයේ අනුමත කරන ලද විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳව IMF සහ ලෝක බැංකුවේ සැසිවාරයට සහභාගී වීමෙන් පසුවය. අද අප මුහුණ දෙන බහු අර්බුදවල විනාශකාරී බලපෑම්වලට ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් නිරීක්ෂණය කරන ලද පරිදි, බොහෝ සංවර්ධිත රටවල්, වසංගතයෙන් පසුව යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුළුල් මූල්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළා. කෙසේ වෙතත්, බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට එය කළ නොහැකි වූ අතර ඉහළ පොලී අනුපාත සහ ණය ශ්‍රේණිගත කිරීම් පහත හෙළන ලදී.

UNDP පත්‍රිකාවට අනුව, ඉහළ උද්ධමනය, අඩු වර්ධනය සහ ඉහළ පොලී අනුපාත පිළිබඳ ගෝලීය දැක්ම අනුව රටවල් 54ක් දැඩි ණය ගැටලු ඇති ලෙස වර්ගීකරණය කර ඇත. ශ්‍රී ලංකාවට මෑත කාලයේ අභියෝග රාශියක් තිබුණා.
විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සාර්ථක ලෙස අවසන් වීමත් සමඟ, ඉන්දියාව, ප්‍රංශය සහ ජපානයෙන් සමන්විත විශේෂ ණයකරුවන්ගේ සම්බන්ධීකාරක කමිටුවකින් සමන්විත රාමුවක් තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙලට අප පැමිණ සිටිනවා. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය දැඩි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මගේ රජය කැපවී
සිටීනවා.

විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් ඔවුන්ගේ පාලනයෙන් ඔබ්බට ගිය අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන විට, පවතින ණය පද්ධතිය තුළ අප මුහුණ දෙන බාධාවන් අප හදුනාගෙන ඇත. උග්‍ර වූ මූල්‍ය ගැටළුව විසදීම හා තිරසාර සංවර්ධනය සහතික කිරීමට දේශපාලන අධිෂ්ඨානය අචශයයි. . තිරසාර සංවර්ධන ඉලක්ක මූල්‍යකරණය, ආයෝජන සහ සංවර්ධන සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පවතින කාල සීමාවන් කෙටියි. තිරසාර කාර්මික පරිවර්තනයන් වේගවත් කිරීම සඳහා ජාතික ක්‍රියාමාර්ග ගැනීමට අපගේ රජය කැපවී සිටී. මෙම ක්‍රියාවලියට සහාය වීම සඳහා දකුණු-දකුණු සහ ත්‍රිකෝණාකාර සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට අපි බලාපොරොත්තු වනවා.”