Thursday, October 24, 2024
Follow Us
ශ්‍රී ලංකා සහ ඊශ්‍රායලය ගුවන් ප්‍රවාහන ගිවිසුම සංශෝධනය කරයි

වසර විස්සකට පසුව ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර දැනට පවතින ගුවන් ප්‍රවාහන ගිවිසුම සංශෝධනය කිරීම සඳහා වන සන්ධාන පත්‍රයට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඊට අදාළ යෝජනාව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍ය මණ්ඩලයට ඊයේ ඉදිරිපත් කළ අතර, ඒ අනුව අදාළ සන්ධාන පත්‍රයට අත්සන් තැබීම සඳහා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට බලය පැවරෙනු ඇති.

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ප්‍රවාහන ගිවිසුමකට 2003 වසරේදී අත්සන් තබා ඇති අතර, එකී ගිවිසුම සංශෝධනය කිරීම සඳහා 2016 වසරේදී දෙපාර්ශවය අතර එකඟතාවකට පැමිණ තිබුණි.