Thursday, October 24, 2024
Follow Us

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් (Deng Bozing) මහතා සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් මෙරට චීන තානාපති කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.


ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා චීනය, ඉන්දියාව, ජපානය ඇතුළු අනෙකුත් සියලුම මිත්‍ර රටවලත්, ජාත්‍යන්තර සංවිධානවලත් උපදේශකත්වය, ආධාර සහ අනුග්‍රහය මේ අවස්ථාවේදී ලක් රජය විශේෂයෙන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ අතිශය මිත්‍රශීලී රටක් ලෙස චීනය සෑම අවස්ථාවකදීම මෙරටට අවශ්‍ය සහයෝගය ලබාදීමට අඛණ්ඩව කටයුතු කරන බව සාකච්ඡාවට එක්වූ චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ නියෝජ්‍ය සභාපති ඩෙන් බෝසින් (Deng Bozing) මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා , චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සිය නියෝජනය කරමින් එහි ආර්ථික හා වාණිජ උපදේශකවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.