Thursday, October 24, 2024
Follow Us
ජපානයේ අගමැතිට දුම් බෝම්බ ප්‍රහාරයක්


ජපානයේ වකයාමා නගරයේ දී ප්‍රදේශවාසීන් අමතමින් සිටියදී අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතාට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වි තිබෙන බව වාර්තා වෙයි.

සැකකරු දුමක් පිට වන දෙයක් අග්‍රාමාත්‍යවරයා දෙසට විසිකළ බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු ප්‍රකාශ කර ඇති අතර තවත් පුද්ගලයකු පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය වරයා සිටි දෙසින් විශාල ශබ්දයක් ඇසුණු බවයි.

කෙසේ වෙතත් සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදු වී නොමැති බව වාර්තා වන අතර බලධාරීන් විසින් අග්‍රාමාත්‍ය කිෂිඩා එම ස්ථානයෙන් නිරුපද්‍රිතව ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන ගොස් තිබේ.

පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර සැකකරු යැයි විශ්වාස කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වෙයි .