Thursday, October 24, 2024
Follow Us
මහජන ආරක්ෂක ඇමැති සහ ඉන්දුනීසියානු මහ කොමසාරිස්වරිය අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු මහ කොමසාරිස් දේවි ගුස්ටිනා ටෝබින්ග් මහත්මිය සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අතර සාකච්ඡාවක් පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවතින ද්වී පාර්ශ්වීක සබදතා තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

තවද ආර්ථික හා දේශපාලනික වශයෙන් දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා ඉදිරියේදීත් කටයුතු කරන බවත්, අවශ්‍ය සෑම අවස්ථාවකදීම තම රටෙහි සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවත්, මහ කොමසාරිස්වරිය එහිදී පැවසුවාය.