Thursday, October 24, 2024
Follow Us
චාල්ස් රජුගේ රාජාභිෂේකයට ආරාධනා පත් යවයි
ලබන මාසයේ පැවැත්වීමට නියමිත චාල්ස් රජු රාජාභිෂේකයට ආරාධනා පත් 2000කට අධික ප්‍රමාණයක් ඉදිරි දින දෙක තුළ යැවීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඒ අනුව ඊයේ (05) රාජකීය පවුල තුන්වන චාල්ස් රජුගේ සහ කැමිලා රැජිනගේ රාජාභිෂේකය සඳහා ආරාධනය පත් නිකුත් කළ බව සදහන් වේ.
 
මෙම උත්සවය ලබන මස 06 වැනිදා වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
 
එම ආරාධනයපත්වල කැමිලා පාකර්-බෝල්ස්ගේ නව තනතුර ලෙස ”රැජින” යන නාමය ද භාවිත කර තිබීම විශේෂත්වයකි.
 
එම ආරාධනාපත්‍රයේ නව පාලනය සැමරීම සඳහා වසන්තයේ සහ නැවත ඉපදීම සංකේතවත් කරන අතර බ්‍රිතාන්‍ය ජනප්‍රවාදයේ පැරණි චරිතයක් වන හරිත මිනිසාගේ ආකෘතීන් දක්වා ඇත.