Thursday, October 24, 2024
Follow Us
 අමෙරිකාවේ සුළි කුණාටුවෙන්  21කට දිවි අහිමි වෙයි
අමෙරිකාවේ ප්‍රාන්ත 08 කට පමණ කුණාටු සහ ටොනේඩෝ කිහිපයක බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ හමුවේ මේවනවිට පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආපදා හේතුවෙන් අමෙරිකාවේ දකුණු දිග ප්‍රාන්ත කිහිපයකට දැඩි හානි සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

 ටෙනීසේ, ඉලිනොයිස්, ඇලබාමා ඉන්දියානා සහ මිසිසිපි යන ප්‍රාන්තවල නිවාස සහ ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිය නිවාස අහිමිවූ ජනතාව සුන්බුන් අතර ඉතිරිව ඇති දෑ රැස් කිරීම සඳහා සිය නිවෙස් පිහිටි ස්ථාන වෙත පැමිණෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර සුළි කුණාටු සහ ටොනේඩෝ තත්ත්වයන්ගේ බලපෑම් එල්ල වූ ප්‍රාන්තවල වෙසෙන දහස් ගණනක් විදුලිය විසන්ධි වීමෙන් පීඩාවට පත්න ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.