Thursday, October 24, 2024
Follow Us
පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර පුහුණුවක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසියා පැසිෆික් කලාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු පර්යේෂණ කාර්ය මණ්ඩලය සඳහා ඇගයීම් ක්‍රියාවලිය පදනම් කරගත් ප්‍රතිපත්ති සැකසීම පිළිබඳ ප්‍රථම ස්ථානීය ජාත්‍යන්තර පුහුණුව පවත්වා තිබේ.

ආසියා පැසිෆික් කලාපයේ රටවල් 20 ක පමණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු පර්යේෂණ කාර්ය මණ්ඩලයේ පනස් දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඇගයීම් ක්‍රියාවලිය පදනම් කරගත් ප්‍රතිපත්ති සැකසීමේ වැදගත්කම පිළිබඳ විශේෂ පුහුණු සැසියක් සහ කථිකාවක් පසුගියදා (30) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු පර්යේෂණ කාර්ය මණ්ඩලය සඳහා ඇගයීම් ක්‍රියාවලිය පදනම් කරගත් ප්‍රතිපත්ති සැකසීමේ වැදගත්කම පිළිබඳව 2023 මාර්තු 27 සිට 30 දක්වා කොළඹ දී පැවති වැඩසටහන් මාලාවේ අවසාන් සැසිය මෙදින පැවැත්විණි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට සභානායක, අමාත්‍ය (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇගැයීම් සඳහා වන ගෝලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

ශක්තිමත් ජාතික ඇගයීම් ක්‍රියාවලියක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පියවරයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා, ජර්මනියේ සාර්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ඇගයීම් මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂ මහාචාර්ය රෙයින්හාඩ් ස්ටොක්මන් සහ UNFPA ඇගයීම් කාර්යාලයේ අධ්‍යක්ෂ මාකෝ සෙගෝන් යන මහත්ම මහත්මීහු මෙම සැසියේදී දේශන ඉදිරිපත් කළහ.