Thursday, October 24, 2024
Follow Us
ඉන්දීය වොලිබෝල් කණ්ඩායමක් දිවයිනට

ශ්‍රි ලංකා වොලිබෝල් ඉතිහාසය ට නව පිටුවක් එක් කරමින් ශ්‍රි ලංකා ව සමග වොලිබෝල් ටෙස්ට් තරගාවලිය ක් සදහා ඉන්දීය කනිෂ්ඨ පිරිමි වොලිබෝල් ශුරතාවය දිනාගත් තමිල්නාඩු ප්‍රාන්ත කන්ඩායම අද (31) දහවල් ශ්‍රී ලංකා වට පැමිණ ඇත.

මෙම විදේශීය වොලිබෝල් කණ්යමක තරග සංචාරය ශ්‍රී ලංකා වට සුවිශේෂී වන්නේ වසර 33 කට පසු විදේශීය වොලිබෝල් කන්ඩායමක් ශ්‍රී ලංකාව තුළ ටෙස්ට් තරගාවලිය ක් සඳහා පැමිණීමයි.අවසන් වරට එනම් 1990 වසරේ දී සෝවියට් සමූහාන්ඩුවේ යුක්‍රේන ප්‍රාන්ත කන්ඩායම ශ්‍රී ලංකා වොලිබෝල් ටෙස්ට් තරගාවලියක් සඳහා පැමිණ ඇත.

එසේම ඉන්දීය ජාතික කන්ඩායම 1982 වසරේදී ශ්‍රී ලංකා වොලිබෝල් ටෙස්ට් තරගාවලිය කට සහභාගි වී තිබේ.ශ්‍රී ලංකා ඉන්දියානු වොලිබොල් ඉතිහාසය 1954 වසර දක්වා දිව යයි. ඒ පලමු වරට ඉන්දීය වොලිබෝල් කන්ඩායමක් ශ්‍රී ලංකා වේ සංචාරය කර ඇත්තේ 1954 වසරේදීය.එම තරගාවලිය ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ප්‍රථම වරට විදේශීය කණ්ඩායමක් පැමිණීම සනිටුවන් කරමින් ඉන්දීය මදුරාසි වෛද්‍ය විද්‍යාල කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සිදු විය.

මෙවර තරගාවලිය තරග 5කින් සමන්විත වන අතර පළමු තරගය අප්‍රේල් 1 ගම්පහ රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා කනිෂ්ඨ පිරිමි වොලිබෝල් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතය.දෙවන තරගය අප්‍රියෙල් 2 වන දින හොරණ දී විදුලි බල කණ්ඩායම සමග පැවැත්වෙන අතර තුන්වන තරගය අප්‍රියෙල් 4වන දින යාපනය මුතූර්හි දී යාපනය දිස්ත්‍රික් කණ්ඩායම සමග පැවැත්වෙයි.හතරවන තරගය වව්නියාව නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.මෙම තරගාවලියේ අවසන් තරගය අප්‍රේල් 6 දඹදෙනිය මහජන ක්‍රීඩාංගණයේදී වයඹ ඒකාබද්ධ කණ්ඩායම සමග පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් පවතී.