Thursday, October 24, 2024
Follow Us
ආරවුල් නිරාකරණය ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය එළිදක්වයි

යුරෝපා සංගමයේ මුල්‍ය අනුග්‍රහයෙන් ආසියා පදනම හා හවුල්කාරීත්වයෙන් බ්‍රිතාන්‍ය කවුන්සිලය මගින් ක්‍රියාත්මක කෙරෙන ඵලදායීව ආරවුල් නිරාකරණයට සහායවීම (SEDR) ව්‍යාපෘතිය, මෙරට ප්‍රජා පාදක විකල්ප ආරවුල් නිරාකරණ (ADR) යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහායුක්තිමත් විකල්පයක් ශක්තිමත් කිරීම යන මැයෙන් ප්‍රතිපත්ති සංක්ෂිප්තයක් එළිදැක්වීම ඊයේ 28  අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සියේදී (British Council) සිදුවිය.

 
මෙම එළිදැක්වීමේ උත්සවයට යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන (අතුරුකාලීන) සංවර්ධන සහයෝගිතා ප්‍රධානී, බියට්‍රිස් බුසී මහත්මිය, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා, සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු හෙක්ටර් එස්. යාපා මහතා සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු සහභාගී වූහ. මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා මෙසේ සදහන් කළේය.
 
ආරවුල් කාර්යක්ෂමව නිරාකරණය සඳහා අවශ්‍ය නෛතික, ප්‍රතිපත්තිමය සහ ආයතනික රාමුව සකස් කිරීම සහතික කිරීම අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්ය භාරයක් බවත්, විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් වන විශේෂයෙන්ම සමථකරණ වැඩ පිළිවෙළ ආරවුල් විසදීමේදී වැදගත් වන අතර, ආරවුල් නිරාකරණ යාන්ත්‍රණය වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍යාංශය ප්‍රතිසංස්කරණ ගණනාවක් ආරම්භ කර ඇති බවත් අමාත්‍යතුමා සදහන් කළේය .
 
ඒ අනුව, විකල්ප ආරවුල් නිරාකරණ යාන්ත්‍රණය සම්බන්ධයෙන් සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීමට පහසුකම් සැලසීම සඳහා, මෙවැනි සමීක්ෂණවල වැදගත් බැවින් මෙම සාර්ථක මුලපිරීම පිළිබඳව SEDR ව්‍යාපෘතියට සුබපැතුම් පිරිනැමන බව ද අධිකරණ අමාත්‍යතුමා පැවසීය.