Thursday, October 24, 2024
Follow Us
පරිසර ඇමති හා ඉන්දීය මහකොමසාරිස් අතර සාකච්ඡාවක්

ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර පාරිසරික හා දේශගුණික සහයෝගිතාවය සම්බන්ධයෙන් වන යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමේ කටයුතු කඩ්නම් කිරිමේ වැදගත්කම පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ (Gopal Baglay) මහතා සමග පැවති හමුවකදී අවධාරණය කෙරිණි.

පසුගිය මාසයේ ඉන්දියාවේ නව දිල්ලි නුවර දී පැවැති හමුවක් අතරතුර ශ්‍රි ලංකාව හා ඉන්දියාව මෙම අවබෝධතා ගිවිසුමට එලඹීම සම්බන්ධයෙන් වන යෝජනාව පරිසර අමාත්‍යවරයා හා ඉන්දියාවේ පරිසර වනාන්තර හා දේශගුණික විපර්යාස අමාත්‍ය ශ්‍රි බූපේන්දර් යාදර් (Shri Bhupender Yadav) යන මහත්වරුන් විසින් සාකච්ඡාවට ලක්විය.පරිසර අමාත්‍ය නසීර් අහමඩ් හා ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් මෙම ගිවිසුම මෙම වසරේ නොවැම්බර් මස පැවැත්වීමට නියමිත COP28 සමුළුවට පෙර සකස්කර අත්සන් කළ යුතු බවට එකඟ විය.
දෙරටේ නියෝජිතයන් දෙදෙනා විසින් එහිදී ප්‍රධාන වශයෙන්, ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස බලපෑම් අවම කිරීම සහ අනුවර්තනය වීම, දේශගුණික මූල්‍යකරණය, ධාරිතාව ගොඩනැගීම යනාදිය වැඩිදියුණු කිරීම සඳහා පරිසරය ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා සියලුම පාරිසරික ක්ෂේත්‍රවල ඉන්දියාවේ ප්‍රවීණත්වය සහ තාක්ෂණයන් බෙදාහදා ගැනීම යන පාරිසරික ගැටලු රැසක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන්ම අන්ද්‍රා ප්‍රදේශයන් හි ස්වභාවික ගොවිතැන සහ පුනර්ජනනීය කෘෂිකර්මාන්තය පිළිබඳව විවිධ නිලධාරීන් සමඟ මෑතදී කළ සාකච්ඡා සිහිපත් කරමින් අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසුවේ, ඉන්දියාව ස්වභාවික ගොවිතැනෙහි විශාල ප්‍රගතියක් ලබා ඇති බව හඳුනා ගත්තේය. ඉන්දියාවේ ස්වභාවික හා පුනර්ජනනීය කෘෂිකාර්මික පිළිවෙත්වල අත්දැකීම් වලින් ඉගෙන ගනිමින් ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ උපාය මාර්ග නැවත නැරඹිය යුතු බවයි.

ශ්‍රී ලංකාවට සහය දීමට ඉන්දියාව සූදානම් බවට ලබාදුන් සහතිකය සහ අඛණ්ඩව සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස්වරයාට අමාත්‍ය අහමඩ් ස්තූති කළේය. මිත්‍ර අසල්වැසියෙකු ලෙස ඉන්දියාවේ සහයෝගය මෑත කාලීනව විශේෂයෙන් වසංගත කාලවලදී සහ ආර්ථික අර්බුදයේදී ප්‍රමාණවත් ලෙස පෙන්නුම් කර ඇති බව ද අමාත්‍ය අහමඩ් පැවසීය. ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින පාරිසරික සහ දේශගුණික විපර්යාස අභියෝග සඳහා හැකි ඕනෑම සහයෝගයක් ලබා දීමට ද ඉන්දීය මහ කොමසාරිස්වරයා එකඟ විය.