Friday, November 01, 2024
Follow Us
කොවිඩ් නිසා ජපන් කාර් නිෂ්පාදන කර්මාන්තශාලා වැසේ

කොවිඩ් ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් ජපානයේ මෝටර් රථ නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ලවී තිබෙනවා.

ඒ, ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටොයෝටා සමාගමේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් තවදුරටත් වසා දැමීම හේතුවෙන්.

කර්මාන්ත ශාලා කිහිපයක නිෂ්පාදන කටයුතු නතර කිරීම හේතුවෙන් නිෂ්පාදනය නතරවී ඇති වාහන සංඛ්‍යාව 14,000ක්. වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ ලෑන්ඩ් කෘසර් සහ ලේක්සස් මෝටර් රථ නිෂ්පාදනයටයි.

ටොයෝටා සමාගමේ ගිනිකොණ ආසියානු කලාපයේ පිහිටි අමතර කොටස් නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලා කිහිපයක් ද තාවකාලිකව වසාදමා ඇතැයි සඳහන්.

සැපයුම් ජාලවල ගැටලු මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබෙනවා. ජපානයෙන් මෝටර් රථ මිලදී ගන්නා ප්‍රධාන රටවල් දෙකක් වන චීනය සහ අමෙරිකාව මෝටර් රථ මිලදී ගැනීම අඩකින් පමණ අඩුවී ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන්. මෝටර් රථ නැව්ගත කිරීමද සියයට 37 කින් පහත වැටී තිබෙනවා.

මීට අමතරව ෆෝර්ඩ්, නිසාන්, ඊඵඋ සහ රෙනෝල්ට් ඇතුලු ප්‍රධානපෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම්වලද නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා. ඒ, අමතර කොටස් හිඟිවීම හේතුවෙන්.

(Neth)