Friday, November 01, 2024
Follow Us
තවත් ශ්‍රී ලාංකික හිටපු හමුදා නිලධාරීන් දෙදෙනෙකුට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ

වත් ශ්‍රී ලාංකික හිටපු හමුදා නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව සංචාරක තහනම් පැනවීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව, 2008 - 2010 සමයේ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීමේ සිදුවීමට අදාළ නාවික හමුදා බුද්ධි නිලධාරී චන්දන හෙට්ටිආරච්චි යන අයට සහ 2000 වසරේදී ළමුන් ඇතුළු සිවිල් වැසියන් 08 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලැබ සිට මෑතකදී ජනාධිපති සමාව මත නිදහස් වූ සුනිල් රත්නායක යන හිටපු යුධ හමුදා සැරයන්වරයාට මෙසේ ඇමරිකාවේ සංචාරක තහනමක් පනවා ඇති බවයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ.

මෙය ඇමරිකාව විසින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අදාළව ගත් පියවරක් බව ද එම නිවේදනයේ සඳහන්.

(LNW)