තෙවන මාත්‍රාව අනිවාර්ය බව තහවුරු වෙයි
දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනා ගැනුණු ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ආසාදනය වැළැක්වීම සඳහා එන්නත් මාත්‍රා දෙකක් ප්‍රමාණවත් නො වන බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පවසනවා.
ඒ, එරට ඔමික්‍රොන් සහ ඩෙල්ටා ආසාදිතයන් ආශ්‍රයෙන් සිදු කළ අධ්‍යයනයකින් අනතුරුව වන අතර නව ප්‍රභේද එන්නත්කරණයෙන් ලබන ප්‍රතිශක්තිය මඟහැර යාමට සමත් වුවත් තුන් වැනි හෙවත් වර්ධක මාත්‍රාව මඟින් ඊට රැකවරණයක් සැලසෙන බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ආයතනය සඳහන් කළේ.
එමෙන්ම තුන් වැනි මාත්‍රාවෙන් රෝග ලක්ෂණ සහිත කොරෝනා ආසාදනය 75% කින් පමණ වළක්වන බව එහි දී තහවුරු වී තිබෙනවා.
(Aruna)