Friday, November 01, 2024
Follow Us
බිම්ස්ටෙක් මහලේකම් ජනපතිව හමුවෙයි

බිම්ස්ටෙක් මහලේකම්ගේ පලමු ලංකා සංචාරය


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් (Tenzin Lekphell) මහතා අතර හමුවක් සිදුවී තිබේ.

(08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

පසුගිය වසරේ නොවැම්බර් 06 වන දින බිම්ස්ටෙක් මහලේකම් ලෙස පත් වූ ලෙක්ප්හෙල් මහතාගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙයයි.

2018 – 2020 කාලසීමාව සඳහා බිම්ස්ටෙක්හි සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි විය.

එම කාලසීමාවේදීත් ආරම්භක සාමාජිකයෙකු ලෙසත්, බිමිස්ටෙක් සංවිධානය සඳහා ශ්‍රී ලංකාව දැක්වූ දායකත්වය මහලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් මහතාගේ ඇගයීමට ලක් කෙරිණි.

බිම්ස්ටෙක් සංවිධානය හරහා ගොඩනගන කලාපීය සහයෝගීතාව වඩා ඵලදායී විය යුතු බව එම හමුවේදී ජනාධිපතිවරයා පවසා තිබේ.

(Aruna)