රුමේනියා රැකියා ගිවිසුම් කාලය දීර්ඝ කිරීමේ සූදානමක්
ශ්‍රී ලාංකිකයන්ට රුමේනියාවේ රැකියා සදහා ගිවිසුම් ගත විය හැකි වසරක කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කර ගැනීමට එරට රජය සමග සාකච්ඡාවකට එළඹෙන බව විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රුමේනියා රැකියා සදහා යන ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමකට ගුවන් ටිකට්පත් භාරදෙන අවස්ථාවේදීයි.
මේ වන විටත් වසරක ගිවිසුම තවත් වසරකින් දීර්ඝ කරනු ලබන අවස්ථා ඇති බවත්, එසේ සිදුකරන්නේ එම ශ්‍රමිකයාගේ හැසිරීම සහ වැඩකිරීමේ හැකියාව මත බවත් ඔහු පැවසීය.
රුමේනියා රැකියා සදහා මේ වන විට තානාපති කාර්යාලයේ 800දෙනෙකුගේ පමණ නාමලේඛනයක් ඇති බවත් ඉදිරියේදී ඔවුන් ද රැකියාවලට යොමුකිරීමට හැකිවනු ඇතැයි ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.
රුමේනියා රැකියා සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අය කරනු ලබන්නේ ලියාපදිංචි හා පරිපාලන ගාස්තුව, වීසා හා ගුවන් ටිකට්පත් ගාස්තුව පමණක් බව අමාත්‍යවරයා සදහන් කරයි.
රුමේනියා රැකියා සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විශාල මුදලක් අයකරන බවට පැතිර යන ආරංචි සාවද්‍ය බව ඔහු වැඩිදුරටත් පැවසීය.
(Aruna)