ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීමට තීරණයක්?
බලයෙන් පහකෙරුණු මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකී ව සිරදඬුවම් ලබාදීමට එරට විශේෂ අධිකරණයක් නියෝගකර තිබෙනවා.
මේ දිනවල ඇයට එරෙහිව නඩු කිහිපයක් විභාග වන අතර මෙම දඬුවම නියම කර ඇත්තේ එහි පළමු නඩුවේ තීන්දුව අනුවයි.
එමෙන්ම සුකීට වසර 4ක සිරදඬුවමක් ලබාදී තිබු අතර.ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ අනෙකුත් නඩු ඇසීමෙන් අනතුරුව ඇයව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීමට ඉඩ ඇති බවයි.
මේ අතර ස්වාභාවික අපදා නීතිය යටතේ “විරෝධය පෑම සහ කොවිඩ් නීති කැඩීම” යන චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකරු බව අධිකරණය නියෝග කර තිබුණා.
එමෙන්ම අවුන් සාන් සුකීට එරෙහිව චෝදනා 11ක් ගොනුකර තිබු අතර ඇය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළා.
76 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකී ව හමුදා කුමන්ත්‍රණයක් ඔස්සේ පසුගිය පෙබරවාරි මාසයේදී බලයෙන් පහ කිරීමට එරට හමුදා ප්‍රධානියා කටයුතු කළ අතර ඊට පෙර පැවති මහ මැතිවරණයේදී දූෂණ සිදුකළ බවට චෝදනා එල්ලකරමින්, හමුදාව එරට රජය පෙරලා දමා බලය ඩැහැ ගත්තා.
(Aruna)