ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට ඇමතුමක්
පාකිස්තානයේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට සම්බන්ධ සියලුදෙනාට දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති දුරකථන සංවාදයකදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසි විටෙකත් පළුදු වීමට ඉඩ නොතබන බව ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
(Aruna)