Saturday, November 02, 2024
Follow Us
මාර්තු මාසය වනවිට කොවිඩ් මරණ යළි ඉහළට

ලෝක සෞඛ්‍ය සංවිධානය කණගාටුවෙන්


යුරෝපය තුළ යලිත් වරක් කොවිඩ් වසංගතය හිස එසවීම සම්බන්ධයෙන් කණගාටුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානයේ යුරෝපා කළාපයේ අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලග් මහතා අනතුරු හගවන්නේ ලබන වසරේ මාර්තු මාසය වනවිට යුරෝපයේ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 05 කින් පමණ ඉහළ යා හැකි බවයි.

මෙම තත්වය පාලනය කරගැනීම සදහා කඩිනම් පියවරක් ලෙස මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට මහජනතාව වැඩි වශයෙන් උනන්දු කරවන ලෙස ඔහු යුරෝපා රටවල නායකයින්ගෙන් ඉල්ලා සිටියි.
මේවනවිට යුරෝපයේ දෛනික කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී‍‍.

සීත සෘතුව ආරම්භයත් සමග මෙම තත්වය උද්ගතව ඇති අතර ප්‍රතිශක්තීකරණ එන්නත් හිගය සහ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරීම ප්‍රධාන හේතුව බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.

(Aruna)