රට තුළ පවතින ඉන්ධන ගැටළුව පිළිබද ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද දැඩි අවධානයක් යොමුවී තිබෙනවා. එහිදී අමාත්‍ය උදය ගම්මන්පිල පවසා ඇත්තේ මේ වනවිට ඉන්ධන ආනයනයට අමෙරිකානු ඩොලර් මිලියන 350 ක් වැය වන බවයි.
මහ බැංකුව ලබාදෙන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් වුවත් ලබන පෙබරවාරි මාසය වනතෙක් ඉන්ධන ගෙන්වීමට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන ඇති බවයි අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ.
විසඳුමක් නොලැබුණහොත් ඩොලර් අර්බුදය විසදා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට යාම වඩා යෝග්‍ය බව අමාත්‍ය උදය ගම්මන්පිල කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කර තිබෙනවා. කෙසේවෙතත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඊට එකඟතාව පළ කර නොමැති බවයි වාර්තා වන්නේ.
(Neth)