විදෙස් ගත ලාංකිකයින්ට අලුත් සේවාවක්
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “තානාපති සමඟ කතා කරන්න” (Talk with the Ambassador) නමින් ප්‍රජා සත්කාරක සංසදයක් ආරම්භ කළ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික විදේශගත ප්‍රජාවේ සාමාජිකයින් සමග සම්බන්ධ වීමත් , ඕමාන රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් සමඟ සෘජුව කතා කර සිය ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට එම ප්‍රජාවට පහසුකම් සැලසීම මෙම සංසදයේ අරමුණ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
මෙම සංසදය සෑම මසකම අවසන් බ්‍රහස්පතින්දා පෙරවරු 09.00 සිට පස්වරු 2.00 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙහිදී ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට 80007877 යන ගාස්තු රහිත දුරකථන අංකය මගින් සෘජුව තනාපතිතුමා ඇමතීමට හැකියාව ලබා දී ඇත.
ඒ අනුව “තානාපති සමඟ කතා කරන්න” ලබන 25වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැවැත්වෙන බවත් , ඒ හා සම්බන්ධවන්නැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලාංකිකයින් ගෙන් ඉල්ලා සිටී.
(Aruna)