Saturday, November 02, 2024
Follow Us
නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛයෙකු වීම ගැන ආඩම්බරයි - ජනපති

නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි දී ඊයේ (01) ආරම්භ වුණු COP : 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

මහජන සෞඛ්‍ය ගැටලු, ජල දූෂණය, පරිසර විනාශය සහ ජෛව විවිධත්වයට වන බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව මෑතකදී රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල්නාශක ආනයනය සීමා කළ බව පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුල්බැස ගත් කණ්ඩායම් මේ සඳහා විරුද්ධ වුවද, මෙය අනාගතයේ දී සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගත් පියවරක් බවත් එහිදී අවධාරණය කර ඇත.

(LNW)